ඊශ්රායලය ගාසා තීරයට අඛණ්ඩව එල්ල කළ ප්රහාරවලින් පලස්තීන ජාතිකයන් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පලස්තීන බලධාරීන් පවසන්නේ ඊශ්රායල හමුදා බටහිර ඉවුරේ සිවිල් වැසියන් ඉලක්ක කර දිගින් දිගටම ප්රහාර එල්ල කරන බවයි.
මේ හේතුවෙන් නැගෙනහිර ජෙනින් ප්රදේශයේ නිවැසියන් 4,000ක් පමණ මේ වන විට පළා ගොස් ඇති බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.
මේ අතර සටන් විරාමයට එකඟ වන ලෙස ඊශ්රායල අගමැති නෙතන්යාහුට බලපෑම් කරන්නැයි හමාස් සංවිධානය, ජගත් සංවිධානයෙන් ඉල්ලා තිබෙනවා.
ගාසා තීරයේ ෆිලඩෙල්පි කොරිඩෝවෙන් හමුදා ඉවත් කර ගැනීම ප්රතික්ෂේප කරමින් ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සටන් විරාම ගිවිසුමකට යාමෙන් වැලකී සිටින බවටයි හමාස් සංවිධානය චෝදනා කරන්නේ.
ගාසා තීරයට එරෙහි ඊශ්රායලයේ යුද්ධයෙන් මේ වනවිට පුද්ගලයන් 40,861 ක් මිය ගොස් 94,398 දෙනෙකු තුවාල ලබා සිටිනවා.