ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එරික් ගාමිණි මහතා විසින් රචිත ග්රන්ථයක් එළිදැක්වීම මැතිවරණ කොමිෂන් සභාව මගින් අත්හිටුවා තිබුණා.
බොරැල්ල පොලිසිය ඒ බව දැනුම්දීමත් සමඟ පොත එළිදැක්වීමට සූදානම් කර තිබූ ස්ථානයේ ඇති වුයේ උණුසුම් තත්ත්වයක්.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එරික් ගාමිණි මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය NPP කතාව සහ JVP ක්‍රියාව යනුවෙන් නම් කර තිබුණා.
මෙම කෘතිය එළිදැක්වීමට නියමිතව තිබුණේ බොරැල්ල ආචාර්ය එන් එම් පෙරේරා මධ්‍යස්ථානයේදීයි.
කිසිදු අපේක්ෂකයෙකු විවේචනය නොකර පොත එළිදැක්වීමට පසුව අවසර ලැබීමත් සමඟ එය එළිමහනේ දී පිළිගැන්වීම සිදුකෙරුණා.
ඒ අනුව පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන්ට සහ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වෙත එහි මුල් පිටපත් පිළිගැන්වුවා.