ත්රිරෝද රථ රියදුරන් වෙනුවෙන් 2025 වසරේ සිට දායකත්ව විශ්රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණයක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
මේ අතර ඔවුන්ගේ ණය ගෙවීම් ප්රතිව්යුහගත කිරීම සඳහා රාජ්ය හා පෞද්ගලික බැංකු මගින් අවස්ථාව ලබාදෙන බවයි ජනාධිපතිවරයා ප්රකාශ කළේ.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ත්රී රෝද රථ සංගම් නියෝජිතයන් සමඟ පැවති හමුවකදීයි.
එම සංගම් නියෝජිතයන් ගෝල්ෆේස් භූමියට රැස්ව සිටි අතර ජනාධිපතිවරයා හමුවීමට ඔවුන් කළ ඉල්ලීමට අනුවයි ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණියේ.