යුක්රේන අමාත්‍යවරු හා ඉහළ පෙළේ නිළධාරීන් කිහිපදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා.
යුක්රේන කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් හය දෙනෙකු තම තනතුරුවලින් ඉල්ලා අස්ව තිබෙනවා.
ඉදිරි අමාත්‍ය මණ්ඩල සංශෝධනයට සහාය වෙමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සති අන්තයේ සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී කැබිනට් මණ්ඩලයෙන් අඩක් වෙනස් වන බවයි වාර්තා වන්නේ.
කර්මාන්ත, අධිකරණ හා පරිසර ආරක්ෂණ අමාත්‍යවරුන් නියෝජ්‍ය අගමැතිවරුන් දෙදෙනා මෙන්ම එරට රාජ්‍ය අරමුදලේ ප්‍රධානියාද ඉල්ලා අස්වුණා.
එමෙන්ම ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨතම සහායකයකු ද සේවයෙන් පහ කර තිබෙනවා.
මේ අතර මොවුන් ඉල්ලා අස්වූ දිනයේදීම යුක්රේනයේ මධ්‍යම නගරයක් වන පොල්ටාවා වෙත රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 51 දෙනෙකු මිය ගිය අතර තවත් 271 දෙනෙකු තුවාල ලැබුවා.