ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, දෙදින නිල සංචාරයක් සඳහා බෲනායි වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා .
ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු බෲනායි රාජ්‍යයට පැමිණි පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක් .
බෲනායි සුල්තාන් සහ මෝදි අතර හමුවක් බණ්ඩාර් සේරි බෙගාවාන් අගනුවර, ‘ඉස්තානා නුරුල් ඉමාන්’ රජ මාලිගයේදී පැවැත්වුණා .
සුල්තාන්වරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ .