ග්රන්ථ කතුවරයෙකු කාව්‍ය රචකයෙකු මෙන්ම නිර්මාණශිල්පියෙකු වන ඉන්දික ගුණවර්ධන මතකාවර්ජනය මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
ඔහු විසින් රචනා කළ හිතේ කෙටූ ටැටූ කෘතියේ නව මුද්‍රණය ද එලිදැක්වීම එහිදී සිදු වුණා.
ඊට සමගාමීව සමරු මුද්දරයක් ද එලි දැක්වුවා.
සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතායි ඉන්දික ගුණවර්ධනගේ කෘතිය සහ කාව්‍ය ග්‍රන්ථය පිළිබද විශේෂ දේශනය සිදු කළේ.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධණ මහතා ද ඉන්දික ගුණවර්ධනයන් පිළිබදව මෙහිදී අදහස් පල කළා.
මිදිගම මහාවිද්‍යාලයට රුපියල් ලක්ෂ 02 ක පමණ වටිනා පාසල් උපකරණ තොගයක් පිරිනැමීම පසුගියදා සිදු වුණා.
ඒ මිදිගම පොලිස් ස්ථානාධිපති අශෝක අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. 158 වන පොලිස් දිනයට සමගාමීවයි මෙය සිදු කෙරුණේ.
මෙම අවස්ථාවට සහකාර පොලිස් අධිකාරී චන්දන විජේසේකර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.