රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) නියෝග කළා.
ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛන සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කල්දැමීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත් ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මඟපෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන්.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛන සහකාර සංගමයේ ලේකම් ඩී. එම්. එස්. දිසානායක ඇතුළු ලේඛන සහකාරවරු 132 දෙනෙකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු මේ බව සඳහන් කළා.