මැණික් කර්මාන්තකරුවන්ට මැණික් ගැරීමට අවශ්‍ය බලපත්‍ර ලබාදිමේ නීති ලිහිල් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මැණික් කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය ආයෝජන කලාපයක් රත්නපුරයේ ඇති කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
පැල්මඩුල්ල මැණික් කර්මාන්තකරුවන් සමග පැවති හමුවේ දී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
මැණික් කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටලු සහ ඒවාට ලබාදිය හැකි විසදුම් ඇතුලත් යෝජනාවලියක් ද මෙහිදි ජනාධිපතිවරයා වෙත පිරිනැමුණා.
මැණික් කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නවීන තාක්ෂණය යොදා ගැනීමේ සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා පැහැදිලි කළා.