කහවත්ත වැල්ලදුර සහ ඇල්ලගේවත්ත ප්රදේශයේ නිවාස කිපයකට පසුගිය දිනවලදි නිරුවතින් ඇතුළු වන සොරෙකු නිසා ගම්වාසීන් භීතියට පත් වී සිටින බව වාර්තා වනවා
නිවෙසක මුළුතැන් ගෙට ඇතුළු වූ මෙම පුද්ගලයා එහි සිටි තරුණ කාන්තාවක් බියවද්දා ඇතැයි ද ඒ අවස්ථාව දී ඇයගේ දරුවෙකු පැමිණි සොරාට පහර දෙන විට නිරුවතින් සිටි සොරා පළා ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබෙනවා .
සතියක කාලයක සිට සිදුවෙන මෙම සිදුවීම් ගැන කහවත්ත පොලිසිය විසින් මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.