ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලා සිටියා.
හමාස් බාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 6 දෙනෙකු පෙරේදා දිනයේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවීමත් සමඟ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට විරෝධය දක්වමින් දැවැන්ත විරෝධතා ආරම්භ කෙරුණා.
එමෙන්ම එරට ප්රබලතම වෘත්තිය සමිතිය දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරන බවටයි නිවේදනය කළේ.
එම වැඩවර්ජන හා උද්ඝෝෂණ වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කළ ද විරෝධතා අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.
හමාස් සංවිධානය සමග එකගතාවයකට පැමිණ ප්‍රාණ ඇපකරුවන්ගේ දිවි බේරා ගැනීමට කටයුතු කරන ලෙසයි විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාට බලකර සිටින්නේ.
එමෙන්ම සටන් විරාමයකට එළඹෙන ලෙස ජාත්‍යන්තරයෙන් ඊශ්‍රායලයට එල්ලවන පීඩනය ද ඉහළ ගොස් තිබෙනවා.