මත්ද්‍රව්‍ය නාශක අංශයේ ඇඹිලිපිටිය ඒකකයේ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ ගංජා
හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගංජා හේනේ ගංජා පැල හාරදහස් දෙසියක් සහ වියලි ගංජා 1kg ක් තිබී ඇති අතර එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට අධික බවයි හම්බෙගමුව පොලීස් නිලධාරීන් පවසන්නේ.
ගංජා හේන වගාකල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම ප්‍රදේශය පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු ඉදිරි විමර්ශන සඳහා හම්බෙගමුව පොලිස් ස්ථානයට භාර දී ඇති අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර බවයි හම්බෙගමුව පොලිස් නිලධාරීන් ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරීන් සහ හම්බෙගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.