එළැඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු අද (03) දිනයේ සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මස 14 වන දින දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි.
ඒ සඳහා යොදා ගැනෙන තැපැල්කරුවන් සංඛ්‍යාව 8,000ක්.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරගැනීම ඊයේ (02) සිදුවුණා.