ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කරන්නේ නම් කතිරය ලකුණ සහ මනාප ප්‍රකාශ කරන්නේ නම් එක, දෙක සහ තුන ලෙස අංක සටහන් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පවසනවා.
මේ අතර නිල ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ද අද සිදුකෙරුණා.
2024 ජනාධිපතිවරණය ලබන 21 වනදා පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු යොදා තිබෙනවා. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන 4, 5 සහ 6 දිනයන්හිදී සිදු කෙරෙනවා.
මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත්වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ දැනුවත් කිරීමක් සිදුකළා.