ජනාධිපතිවරණය සඳහා නිල ඡන්ද දැන්වීම් පත්රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාර දීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි.
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්රිකා මැතිවරණ කොමිසම මගින් භාර ගැනීමෙන් අනතුරුව ඒවා නිවෙස් වෙත බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙනවා.
මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව පවසන්නේ තමන් වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදාහැරීමේ කටයුතු හෙට සිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.
වෙනත් මැතිවරණවලදී මෙන් මෙවර ද නිල ඡන්ද පත්රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ විශේෂ දින ක්රියාත්මක වනු ඇති බවට ද වාර්තා වනවා.