තම ජයග්රහණයෙන් පසු රාජ්‍ය සේවයේ කප්පාදුව නතර කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පාට කොළ වෙනුවට කළු ඉටිකොළ වෙසක් කූඩුවලට අලවා සංස්කෘතියේ සදාචාරය විනාශ කොට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව එළවා දැමීමට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වු බවයි නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ.
පොදුජන යුගයක් සංවර්ධිත රාජ්‍යයක් තේමා කරගත් පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන රැළියක් පිටබැද්දර දී පැවැත්වුණා.
පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පාක්ෂිකයන් ඊට එක්ව සිටියා.
මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගාල්ල වදුරඹදී ද ජනහමුවක් සංවිධාන කොට තිබුණා. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියා.