ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් හඳුනාගෙන තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව හෙට (02) සිට එළඹෙන 04 වනදා දක්වා දින 03ක් එම වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 36,552ක්.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.
එම සංඛ්‍යාව 15,120ක්.
ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.