නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව මෙහෙයුම සිදුකළේ පුත්තලම එරඹුගොඩැල්ල සහ කප්පලඩි වෙරළ තීරයේදීයි.
බීඩි කොළ කිලෝග්රෑම් 345ක් නාවික හමුදා භාරයට ගැණුනා.
රට තුළට රැගෙන යාමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් වෙරළ ප්රදේශයෙහි අතහැර දමා යන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
ඉදිරි නීතිමය කටයුතු සඳහා බීඩිකොළ තොගය නාවික හමුදා භාරයේ තබා තිබෙනවා.