මාසික මිල සූත්රයට අනුව මෙම මාසයේ දී ගෑස් මිල සංශෝධනය සිදු නොකරන බව ලිට්රෝ සමාගම පවසනවා.
කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ ගෑස් මිල වැඩි වී ඇති බවයි, සභාපති මුදිත පීරිස් මහතා ප්රකාශ කළේ.
පෙර ආනයනය කිරීම හේතුවෙන් එහි වාසිය ජනතාවට ලබා දීමට තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියා.
ඒ අනුව ජූලි මස සිට අලෙවි වූ මිල ගණන් යටතේ ලිට්රෝ ගෑස් ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
ඒ අනුව මේ වන විට කිලෝ ග්රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ, රුපියල් 3690කටයි.
කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482කට අලෙවි කෙරෙනවා.
එමෙන්ම කිලෝ ග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක්.
මාසිකව ක්රියාත්මක කෙරෙන මිල සූත්රයට අනුව අවසන් වරට ගෑස් මිල සංශෝධනය කෙරුණේ, පසුගිය ජූලි මාසයේදීයි.