සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද (01) දින පැවැත්වීමට වීමට නියමිතව තිබෙනවා .
තරගයේ ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට කඩුලු 08ක් අතැතිව තවත් ලකුණු 430ක් රැස් කර ගත යුතු වෙනවා .
ඒ අනුව මෙම තරගය ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 483 ක් .
එංගලන්තය සිය පළමු ඉනිම සඳහා ලකුණු 427ක් රැස්කළ අතර ශ්රී ලංකාවේ පළමු ඉනිම ලකුණු 196කට සීමා කිරීමටයි එංගලන්ත පන්දු යවන්නන් සමත්වී තිබෙන්නේ .