මෙවර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් මධ්‍යම පළාත් දරුවන් ඇගයිමේ උත්සවයක් පැවැත්වුණා.
ඒ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයන් ආණ්ඩුකාර කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි යි.
අ.පො.ස උසස් පෙළ හදාරා ඒ ඒ විෂයන් අනුව මාතලේ ,මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ප්‍රමුඛතාවය සහ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකරගත් සිසු සිසුවියන් 48 දෙනෙකු එහිදී ඇගයීමට ලක්කෙරුණා.
එහිචී උත්සව සභාව අමතමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ වර්තමානයේදි සිය වගකිම් සහ යුතුකම් හදුනාගනිමින් කටයුතු කරන පිරිස් සමාජයේ විරල බවයි.
නිදහස් අධ්‍යාපනයෙන් පළමු වසරේ සිට උසස් පෙළ දක්වා ඉගැන්විමට රජයක් ලෙස විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන බවද ඒ මහතා පෙන්වා දුන්නා.
විශ්වවිද්‍යාල අධ්‍යාපනයද නොමිලේ ලබා දෙන බවත්, ඉන් නිසි ප්‍රයෝජනය ලබා ගත යුතු බවත් ලලිත් යු. ගමගේ මහතා එහිදී වධාරණය කර සිටියා.
අනාගතය බාර ගැනිමට සිටින දරුවන් ලෙස මේ සමාජයට ගරු කරන යුතුකම් වගකිම් ඉටු කරන පුරවැසියන් ලෙස කටයුතු කිරිමට අදිටන් කර ගත යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එම අවස්ථාවට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂ අමරිසිරි පියදාස, ආණ්ඩුකාර සම්බන්ධිකරණ ලේකම් /හිටපු ජාතික පාසල් අධ්යක්ෂ කිත්සිරි ලියනගමගේ ,ආණ්ඩුකාර සහකාර ලේකම් උදාර කොන්සිවත්ත යන මහත්වරුන් සහ සිසු දරු දැරියන් දෙමාපියන් ඇතුලු පිරිසක් එක්වි සිටියා.