ජනතාව ජීවත් කරවන පොදුජන යුගයක් ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
තම ප්‍රතිපත්ති මාලාව තුළින් ඉදිරිපත් කළ සියලු දේ යථාර්ථයක් කොට අභිමානවත් රටක් පුරවැසියාට ගොඩනැගීමට සූදානම් බවයි සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ.
දිනන සජිත් ජන හමුමාලාවේ තවත් ජන රැළියක් පූගොඩදී පැවැත්වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු සමගි ජනබලවේගයේ ක්‍රියාකාරීන් ජන හමුව සංවිධාන කරනු ලැබුවා.
සමගි ජන සන්ධානය නියෝජනය කරන නායකයින් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙහිදී අදහස් පල කළා.