ගොවිජනතාව වෙනුවෙන් දිය හැකි සෑම සහනයක්ම තමන් ලබා දෙන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ලබා දුන් පොරොන්දු තමන් ඒ අයුරින්ම ඉටු කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටින්නේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් මැදවච්චියේ පැවති ජන රැලියකදීයී ඒ මහතා මේ බව කියා සිටියේ.
සමගි ජනබලවේගයේ හා සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන පාර්ශ්වවල කිහිපදෙනෙකුම ජන හමුව ඇමතුවා.