2024 වසරේ පළමු භාගය තුළ ජපානයේ 40,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළ පමණක් මිය ගිය බව එරට පොලිස් වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.
ඒ අතරින් පුද්ගලයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසුව සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
තවද මළ සිරුරු 130 ක් සොයා ගැනීමට පෙර, ඒවා වසරකට පෙර අතුරුදහන් වූ බව එරට ජාතික පොලිස් ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා.
මීට හේතුව වී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දැනට ලෝකයේ වයස්ගතම ජනගහනය සිටින්නේ ජපානයේ වන අතර, එහි වයස්ගත ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් තනිවම ජීවත් වන සහ මිය යාමයි.
කෙසේ වෙතත්, රටෙහි වර්ධනය වන ප්රශ්නය පිළිබඳව එරට බලධාරීන් දැඩි අවධානය යොමු කරන බවයි වාර්තා වන්නේ.