ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයට සහාය දුන්නේ නැති අයට කිසිලෙසකින්වත් පීඩා නොකරන්නැයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා එම පක්ෂයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජාතික ජනබලවේගය කෙරෙහි ජනතාව තබන විශ්වාසය අබමල් රොනකින්වත් කඩවීමට ඉඩ තබන්නේ නැති බවද ඒ මහතා කියා සිටිනවා.
ජාතික ජනබලවේගයේ ජයග්රහණය තහවුරු කරන රට අනුරට ජනරැලි මාලාවේ තවත් ජන රැලියක් ගලේවෙල නගරයේදී පැවැත්වුණා.
එහිදී අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මේ බව කියා සිටියා.