උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිතව වායුගෝලයේ අඩුපීඩන තත්ත්වයක් හෙට(29) දිනයේදී වර්ධනයවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
එම මුහුදු ප්‍රදේශවල පැ. කි. මි 70 ත් 80 ත් අතර ඉතා තද සුළං සමඟ තද වැසි ඇති විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ .
මේ හේතුවෙන් උතුරු බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු කරන පිරිස් ඉදිරි දවස් තුනේ මුහුදු නොයන ලෙස කාලගුණ දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා .