පසුගිය සතියේ රතු මුහුදේදී ප්‍රහාරයට ලක්වූ ග්‍රීක නෞකාවෙන් බොරතෙල් තෙල් කාන්දු වන්නට පටන් ගෙන ඇති බව ඇමරිකාව පවසනවා.
ග්‍රීක ධජය සහිත සෝනියන් බොරතෙල් නෞකාව පසුගිය සතියේ යේමනයේ හූති කැරලිකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වුණා.
එය තවමත් ගිනි ගනිමින් පවතින බවයි පෙන්ටගනය පවසන්නේ.
ඉන් සිදුවිය හැකි පාරිසරික ව්‍යසනයක් පිලිබඳ දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
පෙන්ටගනයේ ප්‍රකාශක මේජර් ජෙනරාල් පැට්රික් රයිඩර් පවසන්නේ නෞකාව තුළ බොරතෙල් බැරල් මිලියනයක් පමණ පවතින බවයි.
ඇමරිකාව එම නෞකාව ගලවා ගැනීම සඳහා එම ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යාමට යාත්‍රා දෙකක් යොදවන බව ප්‍රකාශ කළා.
පසුගිය 21 වනදා යේමනයේ හොඩෙයිඩා වරාය නගරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදියි නෞකාවට ප්‍රහාරයක් එල්ල වුණේ.