සංහිදියාව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට කිලිනොච්චිය සමත්වුණා.
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධාන කළ සංහිදියාව සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට කිලිනොච්චිය ජීනිසියස් කණ්ඩායම සමත්වුණා.
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක දෙකෙහි රාජ්‍ය සේවකයින් අතර සුහදත්වය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් සංවිධාන කළ මෙම තරගය පැවැත්වුණේ යාපනය හින්දු විද්‍යාලයීය ක්‍රීඩාංගනයේදීයි.
පළමුව පන්දුවට පහරදුන් කිලිනොච්චිය ජීනිසියස් කණ්ඩායම නියමිත පන්දුවාර 15 තුළ ලකුණු 109ක් රැස්කළා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ යාපනය ජීනිසියස් කණ්ඩායමට පන්දුවාර 14ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 63ක් පමණයි.
ජය සංකේත ප්රදානය යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රදානත්වයෙන් සිදුකෙරුණා.