ඊශ්‍රායල හමුදා බටහිර ඉවුරේ දැවැන්ත මෙහෙයුමක් දියත් කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා අල්ලාගත් බටහිර ඉවුරේ උතුරු ප්‍රදේශයේ මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි. ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ ඔවුන් ජෙනින් හා තුල්කාර්ම් හි ත්රස්තයන් ඉලක්ක කර මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි.
එම මෙහෙයුමෙන් පලස්තීන ජාතිකයන් 11 දෙනෙකු ඝාතනය කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.
මේ අතර අල් ෆාරා සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් 5 දෙනෙකු ද ජෙනින් හි ඩ්‍රෝන ප්‍රහාරයකින් හා සන්නද්ධ ගැටුම් වලින් හය දෙනෙකු ද මිය ගිය බවයි වාර්තා වන්නේ.
2000 වසර හා 2005 වසර අතර කාලයෙන් පසු ඊශ්‍රායල හමුදා මෙවැනි දැවැන්ත මෙහෙයුමක් සිදු කරන්නේ පළමු වරටයි.