නයිමිරිස් වල මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ යන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.
මේ වන විට නයිමිරිස් 1 kg මිල රුපියල් 500 සිට1100 අතර පවතින බවයි, දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය පවසන්නේ.
නයිමිරිස් 1kg ක මිල රුපියල් 1000 ඉක්මවා ඇති බැවින් වෙනත් මිරිස්වලට වඩා නයිමිරිස් වගා කිරීමට වැඩි වශයෙන් ගොවින් පෙළඹෙන අතර මීට පෙර මෙතරම් වැඩි මිලකට නයිමිරිස් අලෙවි නොවූ බවයි ව්‍යාපාරිකයන් සඳහන් කළේ.
ඒ අනුව වෙනත් මිරිස් වගාවන්ට මෙන් නයිමිරිස් වගාව සඳහාද එතරම් සාත්තුවක් අවශ්‍ය නොවන අතර මෙහි අස්වැන්න ද ඉතා හොඳ මට්ටමක පවතින
නිසා අක්කරයක නයිමිරිස් වගාවෙන් රු.300000 ට අධික ආදායමක් ලැබිය හැකි බවයි ගොවින් කියා සිටින්නේ.