නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජය කැප වී සිටින බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
යුරෝපා සංගම් මැතිවරණ නිරික්ෂකයින් හමුවේ අග්රාමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ මැතිවරණ කොමිසමට පූර්ණ ස්වයං පාලන බලතල හිමිව ඇති බවයි.
ශ්රි ලංකාවේ යුරෝපා සංගම් තානාපතිනි කාර්මන් මොරේනා මහත්මිය හා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් කණ්ඩායමක් අරලියගහ මන්දිරයේදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවුණා.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බව පෙන්වාදුන් අග්රාමාත්යවරයා මැතිවරණයට අදාළ සියලු තීරණ ගනු ලබන්නේ ස්වාධීන ආයතනයක් වූ මැතිවරණ කොමිෂන් සභාව බවයි අග්රාමාත්යවරයා ප්රකාශ කර ඇත්තේ .
තම නිරික්ෂණ මෙහෙයුම ක්රියාත්මක කිරීමට රජය ලබාදුන් සහයෝගයට යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ප්රධානි ජොස් ඉග්නාසියෝ සැන්චෙස් අමෝර් මහතා මෙහිදී රජයට ස්තූතිය පලකළා.