සෑම ජාතියක් සහ ආගමක් වෙනුවෙන් වන යුතුකම තමන් ඉටුකරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අදත් හෙටත් පලස්තීන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.
මඩකලපුව එරාවුර් නගරයේ පැවති සමගි ජන බලවේගයේ 18 වන ජනාධිපතිවරණ රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළා.
පක්ෂ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.