දකුණු කොරියාවේ ධීවර අංශයේ රැකියා සඳහා ලංකාවේ කාන්තාවන්ට මේවන විට අවස්ථාව හිමිවී තිබෙනවා.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, ඊයේ (25) දිනයේ දී ධීවර අංශයේ රැකියා අවස්ථා හිමිවූවන් 120 ක් වන බවයි.
එම පිරිසට කාන්තාවන් තිදෙනෙකුද ඇතුළත් වී ඇති අතර දකුණු කොරියානු රජය හා ශ්රී ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්රී ලංකාවට ලැබී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්රකශ කළේ.