ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අද
( 26 ) අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ කුරුඳුවත්ත පොලීසිය මඟින් .
පොලීසිය සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා ජනාධිපතිවරණ නීතිරීති උල්ලංඝනය කරමින් තම පොලිස් වසම තුළ අනුර කුමාර දිසානායක මහතාගේ පෝස්ටර් අලවමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි .
අදාළ චෝදනාවලට සැකකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුන්ව මහෙස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාට රුපියල් 1500 දඩ මුදලක් නියම කිරීමටයි කටයුතු කර ඇත්තේ