ඇෆ්ගනිස්ථාන කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලදී සිය මුහුණ සහ සිරුර සම්පූර්ණයෙන් ආවරණය කළ යුතු බව තලෙයිබාන් සංවිධානය මඟින් නව නීතියක් පනවා තිබෙනවා.
ඇෆ්ගනිස්තාන උත්තරීතර නායක Hibatullah Akhundzada විසින් අනුමත කරන ලද නව නීතියට අනුව ප්‍රසිද්ධියේ ගායනා කිරීම, කියවීම සහ ශබ්ද නගා කියවීම කාන්තාවන්ට තහනම්ය.
ඒ අනුව එරට කාන්තාවන්ට, විවාහ හෝ ලේ බැඳීමක් නොමැති පුරුෂයින් දෙස බැලීම තහනම් බවයි එරට අධිකරණය පවසන්නේ.
තලෙයිබාන් පාලකයින් නව නීති මාලාවක් පනවා ඇත්තේ, ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ සහ දරුවන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න අතර ජාත්‍යන්තරයෙන්ද බලපෑම් එල්ල වන පසුබිමකදීයි.
කාන්තාවන්ට පනවා ඇති නව නීති මාලාවට එරෙහිව ජාත්‍යන්තරයෙන් ප්‍රබල බලපෑමක් එල්ල විය යුතු බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙනවා.