යුක්රේනයේ හෝටලයකට රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු අතුරුදහන්ව, තවත් මාධ්‍යවේදීන් 2 දෙනෙකුට තුවාල සිදුව තිබෙනවා.
යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පැවසුවේ රුසියාව ක්‍රමටෝර්ස්ක්හි සෆායර් හෝටලය වෙත පහර දුන් බවයි.
යුක්රේන යුද්ධය වාර්තා කරන රොයිටර් පුවත් සේවයේ සාමාජිකයෙකු මෙලෙස අතුරුදහන් ව තිබෙනවා.
එම හෝටලයේ රොයිටර් පුවත් සේවයේ සාමාජිකයන් හය දෙනෙකු රැඳී සිටියා.
මීට පෙරද රුසියාව එල්ල කළ ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් තුවාල ලැබුවා. අනතුරට පත් අයගේ පවුල් සමග තොරතුරු හුවමාරු කරගනිමින් සිටින බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.