දැදුරු ඔයේ දියනෑමට ගිය මවක් සහ දරුවන් දෙදෙනෙකු සැඩ පහරට ගසාගෙන ගොස් තිබෙනවා.
අද (25) දහවල් මොවුන් බෝගමුව ප්රදේශයෙන් දැදුරු ඔයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී දිය පහරට හසුවී ගසාගෙන ගොස් ඇති බව පොලීසිය පවසනවා.
මෙලෙස අතුරුදන් වූ දරුවන් දෙදෙනාගෙන් එක් දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව පොලීසය සඳහන් කරනවා.
මවගේ සහ අනෙක් දරුවා සොයා මෙහෙයුම් ක්රියාත්මකයි.
මෙම අනතුරට මුහුණදී ඇත්තේ 36 හැවිරිදි මව සහ ඇයගේ 9 හැවිරිදි සහ 5 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනායි.
බෝගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.