දැරණියගල පොලිස් වසමේ රස්සකන්ද ප්රදේශයේ පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණීම් කටයුතු කළ සැකකරුන් 11 දෙනෙකු දැරණියගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ළඟ කැණීම් උපකරණ හා පුජා භාණ්ඩ තිබූ බවයි දැරණියගල පොලිස් නිලධාරීන් පවසන්නේ.
සැකකරුවන් කොළඹ අවට ප්රදේශ කිහිපයක පදිංචිකරුවන් වන අතර 28-57 හැවිරිදි වයස්වල පසුවන පුද්ගලයන්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන දැරණියගල පොලීසිය විසින් සිදු කරණු ලබනවා.