ජපානයේ හිරෝෂිමාහිදී සංවිධානය කර තිබූ ලෝක සාමය වෙනුවෙන් පැවති කථික තරගයෙන් අනෙකුත් තරගකරුවන් පරදා ලෝක සාමය සම්මානය දිනා ගැනීමට ලාංකික සිසුවියක් සමත් වී තිබෙනවා .
ඒ අනුව එම සම්මානය දිනා ගනු ලැබුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කවීෂි යශෝධරා දිවානන්ද සිසුවියයි .
ඇය වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් .
මෙම සමුළුව ජපානයේ ටෝකියෝ නුවර ඉකුත් 20 දින පවත්වා තිබූ අතර එහිදී ඇය ලෝක සාම නියෝජිතවරියක ලෙස ද පත් කර තිබෙනවා .