මස්කෙළිය පොලිස් ස්ථානයට යාබද කානුවකට පුද්ගලයකු වැටීමෙන් මිය ගොස් තිබෙනවා .
මස්කෙළිය පොලිස් ස්ථානාධිපති ප්‍රකාශ කර සිටින්නේ මස්කෙළිය පොලිස් ස්ථානයට යාබදව පවතින කානුවක් තුළට වැටී මිය ගිය අයකුගේ මළ සිරුරක් අද උදෑසන හමුවූ බවයි .
මිය ගිය පුද්ගලයා මස්කෙළිය බ්‍රවුන්ලෝ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් .
සිදුවීම සම්බන්ධයෙන් මස්කෙළිය පොලීසිය වැඩිදුර විමර්ශන කිරීමට නියමිතයි .