ශ්‍රේෂ්ඨාධිකරණය මේ රටේ ආර්ථික ඝාතකයන් පස් දෙනෙක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දුන් බව ජාතික ජන බලවේගයේ සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ සුනිල් හදුන්නෙත්ති මහතා…
බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ඒ වෙනුවෙන් වැරැදිකරුවන් බව තීන්දුව කළ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් මේ රටේ ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ලබා දී තිබෙනවා.
මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගන්න රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් ක්‍රියා කර ඇති බව ඉතාමත් විධිමත් ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ සමාජය ඉදිරියේ හෙළි කර තිබෙනවා.
ඒ අවස්ථා දෙකේම වැරැදිකරුවන් ලබන ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා.
ඡන්ද නැති බව කී රනිල් වික්‍රමසිංහගේ ඡන්දය නැති කිරීම ජනතාවට භාරයි.
රනිල් වික්‍රමසිංහ සහ රාජපක්ෂ හවුල් පාලනය වෙන් වෙන්ව සහ තවත් වරෙක එක් වීමෙන් ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගත්තා.
ජනතාවගේ බදු කොල්ලය, බැඳුම්කර වංචාව වාගේම රජයේ සම්පත් විකුණා දැමීම වැනි කටයුතුවලට එරෙහිව අපි අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් තිබෙනවා.
පසුගිය ද ලබා දුන් මෙම තීන්දුව මේ රටේ ජනතාව දිනා ගත් අයිතිවාසිකමක්.
ඒ අයිතිවාසිකම තහවුරු කර දීමට ලැබීම ජාතික ජන බලවේගයේ ජයග්‍රහණයක්. අපි අපේ වගකීම ඉටු කර තිබෙනවා. ප්රජාතන්ත්ර විරෝධී, ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ අය එළඹෙන ඡන්දයේ දී පරාජය කරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.