ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරි කිරීම් සඳහා සියයට 15 ක පොලියක් ලබාදීම තම රජයක් යටතේ යළි ආරම්භ කරන බව ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වැඩිහිටි දීමනාව රුපියල් 5000 දක්වා ඉහළ නංවන වන බවද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිනවා.
මහනුවර දිගන නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය පැවැත්වූ 12 වන ජනරැලිය මෙයයි. සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වන කිහිප දෙනෙකුම මෙම ජන රැලිය ඇමතුවා.
මේ අතර සමගි ජනබලවේගයේ 13 වන ජන රැලිය පැවැත්වුනේ දෙහිඅත්තකණ්ඩිය නගරයේදීයී. කිහිප දෙනෙකුම මෙම ජන රැලියේදී අදහස් දැක්වුවා.