ශක්තිමත් කාර්යක්ෂම නව රාජ්ය සේවයක් ඇති කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
රට ගොඩ ගැනීමට නම් පාලකයා ආදර්ශමත් විය යුතු බවයි ඒ මහතා කියා සිටින්නේ.
අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කරමින් බලංගොඩ නගර සභා ක්රීඩාංගනයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ.
මෙම ජන හමුවේදී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් කිහිප දෙනෙකුම අදහස් දැක්වුවා. විශාල පිරිසක් ඊට එක්ව සිටියා.