ලංගම බස් රථයක් ධාවනය කරමින් සිටි රියදුරෙකුට ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මිය ගොස් තිබෙනවා.
අම්පාර සිට කොළඹ බලා ධාවනය වු බස් රථය ඉගිනියාගල දේවාලහිද ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට ගොස් ගසක හැපි තිබෙනවා.
රියදුරුට හෘදයාබාධයක් ඇති වීමයි ඊට හේතුව.
ඔහුව ඉගිනියාගල රෝහලට ඇතුලත් කරන විටත් මිය ගොස් සිටි බව පොලිසිය සදහන් කළා.
අනතුර සිදුවීමට පෙර එම රියදුරුට ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.
රිය ධාවනයෙන් වලකින ලෙසයි එහිදි වෛද්‍යවරයා උපදෙස් ලබාදුන්නේ.
කෙසේ වෙතත් වෙනත් රියදුරෙකු නොමැති බව පවසමින් ඔහු රිය ධාවනය කර ඇති බව පොලිසිය සදහන් කළා. අනතුරෙන් මගියෙක් සුළු තුවාල ලබා තිබෙනවා.