මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය යාත්රාවක් උතුරු මුහුදේදී නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.
යාපනය පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ විශේෂ මෙහෙයුමකදී ධීවර යාත්රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
එහි සිටි ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු ද නාවික හමුදා භාරයට ගත්තා.
එම යාත්රාව හා ධීවරයන් නීතිමය කටයුතු සදහා යාපනය මයිලඩි ධීවර පරික්ෂක කාර්යාලටය භාරදී තිබෙනවා.