කතරගම, ගෝතමීපුර ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු කතරගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඒ, එම පාසලේ පිරිමි ළමුන් තිදෙනෙකුව අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් .
අදාළ විදුහල්පතිවරයා විසින් තමන්ට ලිංගික හිංසා සිදුකළ බව පවසමින් සිසුවෙක් සිය පංති භාර ගුරුවරයාව දැනුවත් කර තිබෙනවා .
අනතුරුව තවත් පිරිමි ළමුන් දෙදෙනෙකු ද එවැනිම වූ අතවරයන්ට තමන්ද ලක්වූ බවට අදාළ පන්තිභාර ගුරුවරයා හට පවසා තිබෙනවා .
ඒ අනුව ඒ පිළිබඳව පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ .
කතරගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි .