නුවරඑලිය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් සියළුම පළාත් වල ඡන්ද දායකයන් මත්පැන් බෝතලයට ලොල් වි මැතිවරණ ප්රචාරක කටයුතු වල නියැලෙන්නේ නැති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා පවසනවා.
පලනි දිගම්බරම් මහතා කියා සිටියේ ප්රජාතන්ත්රිය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක මහතා (22) දින මාධ්‍ය හමුවක් පවත්වමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ ඇතැම් වෘත්තිය සමිති නායකයින් ප්‍රමිතියෙන් තොර රා බොතල් සිය පාක්ෂිකයන්ට ලබාදෙමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බවට ප්‍රකාශ කර ඇති බවයි.
වතුකරයේ කිසිදු වෘත්තිය සමිතියක් හෝ දේශපාලන පක්ෂයක් එවැනි ක්‍රියාවක් සිදු කර නොමැති බවත්, එම ප්‍රකාශය තරයේ හෙලා දකින බවයි පලනි දිගම්බරම් මහතා ප්‍රකාශ කළේ.
වසර දෙසීයකට ප්‍රථම වතුකරයේ තත්ත්වය පිලිබඳව උපකල්පනය කරමින් මංජුල ගජනායක මහතා එවැනි ප්‍රකාශයක් මාධ්‍යට කර ඇති බවට තමන් විශ්වාස කරන බවත්, වර්තමානයේ වතුකරයේ ජනතාව සහ ඔවුන්ගේ දරුවන් බුද්ධිමත් තිරණ ගන්නා ජනතාවක් බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
වතුකරයේ ජනතාවගේ දරුවන් අද උපාධිධාරින් වන බවත්, තවත් පිරිසක් රජයේ රැකියාවල නිරතන වන බවත්, එම ජනතාව තම වටිනා ජන්දය භාවිතා කල යුත්තේ කාටද යන්න පිලිබඳව බුද්ධිමත්ව සිතා බලා තිරණ ගන්නා බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටින්නේ.
වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් ඉහල දැමීමට වතුකරය නියෝජනය කරන සියළුම වෘත්තිය සමිති කටයුතු කර ඇති බවත්, පසුගිය වසර කිහිපය තුල වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවාලීමට නොහැකි වුයේ වත්මන් රජයෙන් වතු කම්කරුවන් වෙනුවෙන් කිසිදු මුදල් ප්රතිපාදනයක් ලබා නොදුන් නිසා බවත්, එවැනි ජනතාවක් අපකිර්තියට පත් කරමින් ප්‍රකාශ කිරිමෙන් වලකින ලෙසයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.
තවද රටේ කිසිදු ඡන්දදායකයෙකු මත්පැන් බෝතලයට හෝ අනෙකුත් වරප්‍රසාද වලට ලොල් වී ජන්දය භාවිතා නොකරන බවයි පලනි දිගම්බරම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.