පාකිස්තානයේ හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ PTI පක්ෂය ඉස්ලාමාබාත් අගනුවරදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සුදානම් වනවා.
ඉස්ලාමාබාත් අගනුවරදී PTI පක්ෂය පැවැත්වීමට සුදානම් කර ඇති රැළියට පාකිස්තාන රජය අවසර ලබාදී නැහැ.
රැළිය පැවැත්වීම සඳහා මුල දී අවසර ලබා දී තිබුණ ද පසුව එය අවලංගු කෙරුණා.
PTI රැළිය ආරක්ෂිත නොවන බවටයි පොලීසිය සඳහන් කරන්නේ.
PTI පක්ෂ නායක ඉම්රාන් ඛාන් හා පක්ෂයේ අනෙකුත් නායකයින් ඉලක්ක කර ගනිමින් පාකිස්තාන රජය දේශපාලන පළිගැනීම් සිදු කරන බවයි එම පක්ෂය චෝදනා කරන්නේ.
සියලු චෝදනාවලින් නිදහස් වී සිටින හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයෙන් නිදහස් කරන ලෙස අධිකරණය නියෝගයක් ලබාදුන්න ද මේ වන තෙක් රජය එය ක්රියාත්මක කර නැහැ.