ඩෙන්මාර්කයේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන බාවේරියන් නෝර්ඩික් සමාගම mpox වෛරසය සඳහා එන්නත් සැපයීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.
මේ අනුව, ලබන වසරේ අවසානය වනවිට එන්නත් මාත්‍රා මිලියන 10ක් ලබාදීමට ඔවුන් සූදානම් බවයි සඳහන් වන්නේ.
දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් පමණ ගබඩා කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ .
ගෝලීය මට්ටමින් පෙර සූදානම් වීම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා, පසුගිය 14 වෙනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් මෙම රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු සිදු කරනු ලැබුවා .