එළැඹෙන සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඡන්දය භාවිත කරන මහජනතාව ඡන්ද පොළට යා යුත්තේ ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හෝ වෛරය වැපිරීමට නොව රට ගොඩගත් රනිල් වික්‍රමසිංහ නමැති මේ යුගයේ පහළ වූ ජාතික නායකයාට කෘතවේදීත්වය දැක්වීමට පමණක්ම බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධාන කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
නිදහසින් පසු කළ හැකි උපරිම වැඩකොටස මෙරට පාරම්පරික දේශපාලනය හරහා සිදුකර අවසන් බවත්, මේ වනවිට ශ්‍රී ලංකාවේ දේශපාලනය නව මාවතකට යොමු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නා.
ඒ මාවත යළි වෙනස් කිරීමට ඉඩ නොතැබිය යුතු බවයි වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේ.
කෙසේ වෙතත් යම් කිසි විදියකින් එලෙස වෙනසක් සිදුවුවහොත් මෙරට මහජනතාව බරපතළ ඛේදවාචකයට මුහුණ දෙන්න ඉඩ තිබෙන බවද ඔහු කියා සිටියා.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,
“පොරොන්දු දේශපාලනය සහ ප්‍රතිපත්ති දේශපාලනය අතර විශාල වෙනසක් තිබෙනවා.. දේශපාලකයින් තමන්ට තනතුරක් ලබා ගැනීම සඳහා මහජනයාට උපරිම වශයෙන් පොරොන්දු ලබාදෙමින් ඒ තුළින් සමාජය බරපතළ ඛේදවාචකයට පත් කර තිබෙනවා.. එහි අවසාන ප්‍රතිඵලය තමයි රට බංකොලොත් තැනට ගමන් කිරීම.. එසේ බරපතල තැනකට ගමන් කළ රට යළි ශක්තිමත්ව සිටිය හැකි තැනකට ගෙනැවිත් තිබෙනවා.. ලෝකයේ ඇතැම් බංකොලොත් වුණු රාජ්‍යයන් අවුරුදු 10 කටවත් ගොඩගත නොහැකි තත්ත්වයක තිබියදී වර්තමාන අපේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ගොඩගෙන තිබෙනවා.. ශ්‍රී ලාංකික මහජනතාව මතක තබා ගත යුතුයි.. ප්‍රධාන අපේක්ෂකයින් කිහිපදෙනා අතරින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සමකළ හැකි කිසිම කාරණයක් අනිත් අපේක්ෂකයින් සතුව නැහැ.. ඇත්ත වශයෙන්ම ශ්‍රී ලාංකික මහජනතාව ඡන්ද පොළට යා යුත්තේම පළිගැනීමට නොව එහෙමත් නැතිනම් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව පැතිරීමට නොව සමස්ත දෙකෝටි විසි ලක්ෂයක් වූ ජනතාවට සහනයක් ලබාදුන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කෘතවේදීත්වය දැක්වීමට පමණමයි කියා මා මොහොතේ කියන්න කැමතියි..”