ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා රටවල් දොළහක නියෝජිතයන්ට ආරාධනා කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව, ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, පකිස්ථානය, මාලදිවයින ඇතුළු රටවල් ඒ අතර වන බවයි කොමිෂන් සභාව පවසන්නේ.
ඔවුන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම ඇතුළු සියලු කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු වාර්තාවක් ලබාදීමට නියමිතයි.
ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයෝ පිරිසක්ද දිවයිනට පැමිණ තිබෙනවා.
මෙයට අමතරව ජනාධිපතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන් පිරිසක්ද දිවයිනට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.